මහාද්වීප හතක කඳු මුදුන් හතක් තරණය කරන්නට යන ජයන්ති හා ජොහාන්

එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරු-උතුම්පල ඇගේ මිතුරු, දෙවෙනියට එවරස්ට් නැග්ග ලාංකිකයා වන ජෙහාන් පීරිස් සමග අලුත් අභියෝගයකට සැරසෙනවා. ඒ තමයි ලොව මහාද්වීප හතේ උසම කඳු මුදුන් හත තරණය කිරීමේ අභියෝගය. මෙයට Seven Summits Challenge – සෙවන් සමිට්ස් චැලෙන්ජ් – කියනවා.

Sinhala Tamil English Translations and Content Writing

මේ වන විටත් ජයන්ති හා ජොහාන් කඳු මුදුන් දෙකක් නැග හමාරයි. ඒ කිලිමන්ජාරෝ හා එවරස්ට්.

මේ මොහොතේ ඔවුන් ආරම්භ කර තිබෙනවා, තුන්වන කඳු මුදුන නැගීම. ඒ තමයි, ඇන්ඩීස් කඳුවැටියේ ආර්ජන්ටිනාවේ පිහිටි මීටර් 6,962ක් උස ඇකොන්කාගුවා කඳු මුදුන. එය උසින් දෙවෙනි වන්නේ මීටර් 8,84ක් උස එවරස්ට් කඳු මුදුනට පමණයි.

ඔවුන් ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේත් කෙළින් හා වඩාත් අභියෝගාත්මක මග වන පොලිෂ් ග්ලැසියරය ඔස්සේ මගයි. එහිදී ඔවුන්ට විශේෂ සපත්තු පැළඳගෙන, දෑතින් ගත් අයිස් පොරව දෙකක් ආධාරයෙන් අයිස් කඳු තරණය කරන්නට සිදු වෙනවා.

උපුටාගැනීම www.mtngirlpower.com

සෙවන් සමිට්ස් චැලෙන්ජ් එකට අයත් කඳු මුදුන් හත මේවායි.

1. Carstensz Pyramid, Australasia – කාස්ටෙන්ස් පිරමිඩ්, ඕස්ට්‍රලේෂියා (අඩි 16,024 = මීටර් 8,884) මෙය පිහිටා තිබෙන්නේ ඉන්දුනීසියාවේයි.

2. Mount Vinson, Antarctica – මවුන්ට් වින්සන්, ඇන්ටාක්ටිකා (අඩි 16,067 = මීටර් 4,897) පිහිටා තිබෙන්නේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ ඇන්ටාක්ටිකා මහාද්වීපයේයි.

3. Mount Elbrus, Europe – එල්බ්‍රස් කඳු මුදුන, යුරෝපය (අඩි 18,510 = මීටර් 5,642) පිහිටා තිබෙන්නේ රුසියාවේයි.

4. Kilimanjaro, Africa කිලිමන්ජාරෝ, අෆ්‍රිකාව (අඩි 19,341 = මීටර් 5,895) පිහිටා තිබෙන්නේ ටැන්සානියාවේයි.

5. Denali, North America – ඩෙනලි, උතුරු ඇමරිකාව (අඩි 20,310 = 6,195) මෙය පිහිටා ඇත්තේ ඇලස්කාවේයි. මෙය කලින් හැඳින්වුණේ මවුන්ට් මැකින්ලි ලෙසයි. එහෙත් ඒ රටේ මිනිසුන් මේ කඳු මුදුනට කියන්නේ ඩෙනලි කියායි.

6. Aconcagua, South America – ඇකොන්කාගුවා, දකුණු ඇමරිකාව (අඩි 22,841 = මීටර් 6962) පිහිටා තිබෙන්නේ ආර්ජන්ටිනාවේයි.

7. Mount Everest, Asia – එවරස්ට් කඳු මුදුන, ආසියාව (අඩි 29,029 = මීටර් 8,850) පිහිටා තිබෙන්නේ නේපාලයේයි.

ජයන්තිටත් ජොහාන්ටත් සුබපැතුම්! ඇකොන්කාගුවා ගිරි ශිඛර ඔබ සාදරයෙන් පිළිගනු ඇත.

Aconcagua
Aconcagua
Call 077 1734470 for Sinhala Tamil English Translations