මහනායක හිමිවරු එදත් මෙහෙම ද?

මේ කොළඹ යුගයේ කවියෙකු වූ පී බී අල්විස් පෙරේරා කවියා දේදුන්න නම් සඟරාවේ කසපහර කවි තීරුවට කොම්බුව යන ආරූඪ නාමයෙන් මල්වත්ත-අස්ගිරි මහනායක හිමිවරුන් විවේචනය කරමින් ලියූ කවි පෙලක උපුටනයක්.

ලක්දිව බුදු සසුන පිළිබඳ අඹර මැද
ඉර හඳ වගේ යයි අප අදහස් කරන
හිමියනි ඔබ දෙනම, පොඩි ළමයින් වාගේ
කටයුතු කරන හැටි, චී අන්තීම කැතයි!

දැකුම් අඩුක්කුව හමුවේ හිමිවරුනි
මේ හැටි නැමෙන්නේ ඇයි පන්බඩ වාගේ..

සසුනට, රටට සහ සිංහල ජාතියට
මහ නාහිමිවරුනි, විපතක් නොකළ මැන
බැරි නම් එසේ යහතින් වැඩ සිටින්නට
අන්තිම හොඳයි පිරිනිවනට වඩින එක

නවසිය පනස් ගණන් වලදීටත් වඩා මහනායක කෙරුවාව ගඳ ගහමින් රටට පිළිලයක් වුණු මෙවන් කාලයක අල්විස් පෙරේරා කවියා වගේ විචක්ෂණ වියතුන් හා එම මතවාදයන් ගෙන යාමේ දේදුන්න වගේ ප්‍රවාහයන් බිහිනොවෙන තරම් අද සමාජය කොතරම් පසුගාමීද?

කවිය ගත්තේ සත්මඬලට ලියූ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතාගේ ලිපියකින්.

විශේෂ ස්තුතිය අජිත් අලවත්තට