ගෝඨාභයගේ බලය ගොඩනැගුණු පියවර 10ක්

අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨාභය රාජපක්ෂ පාස්කු ඉරිදා ප්‍රහාර සමග වක්‍ර හෝ සම්බන්ධයක් ඇතැයි අපි නොසිතමු. එහෙත්, එම ප්‍රහාර යනු ඔහුට අතිවිශාල වාසියක් අත්පත් කරදුන් අවස්ථාවකි. අයිඑස් වැනි ඉස්ලාමීය අන්තවාදී සංවිධාන බලවත් විදේශීය රහස් ඔත්තු සංවිධානවල පාලනයට යම් යම් ආකාරවලින් හසු වන බවට සාධක එමට ය. අනුමාන වශයෙන් ගත් කල, ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරගැනීමට බටහිර බලවේග තුළ කැමැත්තක් ගොඩනැගී තිබිය හැකියි.

කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් 21 ප්‍රහාර ආශ්‍රිතව සිදු වුණ දේශපාලන පෙළගැසීම් ගෝඨාභය රාජපක්ෂට සිය කඳවුර අභ්‍යන්තරයේ මෙන් ම බාහිරවත් තිබුණු අභියෝග රැසක් ජයගන්නට ඉවහල් වී තිබෙන බව පෙනෙනවා. මෙම සිදුවීම් දාමය මෙසේ පෙළගැස්විය හැකියි.

(ලිපිය දැන්වීමෙන් පසු)
Media and Social Entrepreneur
  1. බටහිර හා ඇමරිකානු ඒජන්තයකු වන රනිල් වික්‍රමසිංහ 2015දී බලයට පැමිණීම සහ ඔහු හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඇති සන්ධානය ඔස්සේ බටහිර හා ඇමරිකානු උවමනාවන් ඉදිරියට පැමිණීම
  2. මෛත්‍රීපාල-රනිල් රෙජිමය ද චීනය සමග සමීපත්වය වර්ධනය වීම
  3. ඇමරිකානු පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම
  4. මෛත්‍රීපාල-රනිල් සන්ධානය බිඳවැටීම හා දේශපාලන අර්බුදය තීව්‍ර වීම
  5. බටහිර හා ඇමරිකානු අවශ්‍යතා නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ ජනප්‍රියත්වයෙන් පිරිහීම
  6. ගෝඨාභය රාජපක්ෂට ඇමරිකා එක්සත් ජනපදයේදී නඩු පැවරීමේ ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඔහුට ශ්‍රී ලංකාව තුළ අති විශාල අවධානයක් යොමු වීම හා ඔහුගේ ජනප්‍රියත්වය වර්ධනය වීම
  7. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සමග ආණ්ඩුවේ ජනප්‍රියත්වය අන්තයට ම පිරිහීම සහ මුස්ලිම් ජනයා ආරක්ෂක විධිවිධාන හා පළිගැනීම්වලට බිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක් වීම
  8. බුද්ධි අංශ ශක්තිමත් කර මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියේ පැවසීම. රාජපක්ෂ පවුල තුළ ඔහු තත්වය කළමනාකරණය කරගත් බව ප්‍රදර්ශනය වීම
  9. ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇති බව රාජපක්ෂවාදී දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කිරීම

මෙම සටහන තබන මා ඇමරිකානු හෝ චීන හෝ රුසියානු හෝ ඉන්දියානු හෝ විරෝධියකු නොවන නිසා මට මේ ජාත්‍යන්තර කිසිවක් ගැටලු නොවන බව ද පැවසිය යුතුයි. ලංකාවේ දේශපාලන නායකත්වය කියන්නේ කොහොමත් මේ ජාත්‍යන්තර බලපෑම් මැද අතුරේ යන ගමනක්.

Sinhala Tamil English Translations and Content Writing