Iran women at a bus stop

අනිවාර්ය හිස් ආවරණයට එරෙහිව ඉරානයේ කාන්තාවන් සටනේ

මේ ඡායාරූපයේ සිටින සුන්දර, 23හැවිරිදි යුවතිය ඉරාන ජාතික යසමන් අර්යානි. ඇය ඉරානයේ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක්.

විරෝධතා රැස්වීමකට සහභාගි වීම නිසා 2018 අගෝස්තුවේදී අත්අඩංගුවට ගන්නා ලද ඇය 2019 පෙබරවාරියේදී නිදහස් කරනු ලැබුවා. පසුව නැවත පසුගිය අප්‍රේල් මාසයේදී ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය බැලීමට ගිය ඇගේ මව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සඳහන් කරන්නේ ඇය සහ වෙනත් ක්‍රියාකාරිනියන් කාන්තා හිමිකම් පිළිබඳ ක්‍රියාමාලාවකදී ඔවුන්ගේ හිස් ආවරණ ගලවා කාන්තාවන්ට මල් පිළිගන්වමින් කටයුතු කිරීමයි. හිස් ආවරණ නොපැළඳීම ගැන අත්අඩංගුවට ගෙන තිබෙන ඇයට ඉරාන රජය විසින් එල්ල කර තිබෙන චෝදනාව වන්නේ ‘දූෂණය හා ගණිකා වෘත්තිය දිරිගැන්වීම හා එයට පහසුකම් සැපයීමයි’.

1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරාන කාන්තාවන් හිජාබ් පැළඳීම අනිවාර්යයි. එසේ ම ශරීරියට හිර ඇඳුම් ඇඳීමත් ඔවුන්ට තහනම්. ඉරානය විසින් අත්සන් තබා තිබෙන සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) විසින් සහතික කර තිබෙන නිදහස හා අයිතිවාසිකම් මත පදනම්ව ඉරානයේ කාන්තාවන් මෙකී අනිවාර්ය හිස් ආවරණ නීතියට එරෙහිව විරෝධය පළ කරනවා.

මිලියන 81කට වැඩි ජනගහනයක් ජීවත් වන ඉරානයේ බහුතර ජනගහනය ෂියා මුස්ලිම්වරු ය. එහි රජය ඉස්ලාමීය ආගමික රාජ්‍යයකි.

ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ බස් නැවතුමක් අසල සිටින ඉරාන කාන්තාවන් පිරිසකි. Thanks to Reuters for the photo