බර්නාඩ් එදිරිසිංහ

විලියම් එම්ප්සන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු වශයෙන් සිටියදී පළ කළ The Seven Types of Ambiguity (1930) කලා විචාර කේෂත්‍රයේ නව නැම්මක් ඇති කළ කෘතියක් වශයෙන් පිළි ගැනීමට ලක් වෙනවා. එක් දිනක් අහම්බෙන් සරසවි සේවකයෙකු ඔහුගේ සරසවි  කාර්යාල ලාච්චුවේ උපත්  පාලන කොපු පෙට්ටියක් තිබෙන බව දැක එය විශ්ව විද්‍යාල බලධාරින්ට පැමිණිලි කරනවා. අවසාන ප්‍රතිඵලය වුයේ විලියම් එම්ප්සන්ට සිය රැකියාව අහිමි වෙනවා.

යතුරු ලියනයත් රැගෙන ගෙදර යන එෆ්සන් ජීවත්වීම පිණිස නිදහස් මාධ්‍යවේදීයෙකු වශයෙන් සඟරාවලට ලිපි හා සාහිත්‍ය විචාර ලිවීම ආරම්භ කරනවා. ඔහුගේ සරසවි ගුරුවරයා රිචඩ් 1930දී ඔහුට චීනයේ පීකිං  සරසවියේ  ඉංග්‍රිසි ගුරුවරයෙකු ලෙසට පත්වීමක් ලබා ගන්නට උපකාර කරනවා. ඔහු පීකිං සරසවියට පැමිණෙන විට ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමේ  ප්‍රතිඵලයක් වශයෙන් සරසවිය වසා දමා ඇති බවත්, එහි ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයන්  සරණාගතයන් වශයෙන් ජපානයට පළා යාමට සුදානම් බවත් දකිනවා. විකල්පයක් නොතිබුණ ඔහුත් චීන සරසවි ඇදුරන් සමඟ ජපානයට සේන්දු වෙනවා. චීනයෙන් පැමිණි මහාචාර්යවරුන් ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් එකතු වී ජපානයේ නිරිත දිග විශ්ව විද්‍යාලය ආරම්භ කරන අතර එෆ්සන්ටත් එහි ආචාර්ය පදවියක් ලැබෙනවා.

විලියම් එම්ප්සන් පදිංචි වන්නේ ජපානයේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසල වන අතර, ඔහු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝර්ජ් සැන්සොම්  සමඟ කිට්ටු ඇසුරකට  පත් වෙනවා. ජෝර්ජ් සැන්සොම් ඒ වන විට “ජපානය: සංක්ෂිත සංස්කෘතික ඉතිහාසය” නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරමින් ජපාන සංස්කෘතිය පිළිබඳ සිය උනන්දුව ප්‍රකට කොට තිබුනා. සැන්සොම් යුවල ඔහුට ජපාන සංස්කෘතියේ අසිරිය අත්විඳින්නනට මග පෙන්වන අතර විලියම් එෆ්සන්  ජපානයේ සංස්කෘතික කේන්ද්‍රස්ථාන ගවේෂණය ආරම්භ කරනවා. අටවන සියවසේ ජපානයේ අගනුවර වශයෙන් පැවති නාරා වෙත ගිය ගමනේදී, එහි පිහිටුවා ඇති ශෛලමය බුද්ධ ප්‍රතිමා වෙත ඔහුග‌ේ අවධානය ඇදි යන අතර සිය සාහිත්‍ය විචාර ආභාසය නිසා බුද්ධ ප්‍රතිමා කලාව පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කරනවා.

වසර 1932දී ‘The Face of the Buddha’ ලිවීම ආරම්භ වන්නේ එලෙසයි. ඔහු සිය අධ්‍යයනය හාන්සි පුටු අධ්‍යයනයක් නොකර ජපානය, කොරියාව, ටිබෙට්, තායිලන්තය, බුද්ධගයාව, අජන්තා, ශ්‍රී  ලංකාව වැනි බෞද්ධ ප්‍රතිමා කලාවේ වැදගත් ස්ථාන සියල්ලක්ම සියැසින් නරඔමින් අත්පිටපත රචනා කරනවා පමණක් නොව බෞද්ධ කලා විද්වතුන් හමුවිම පිණිස ඇමරිකාවට පවා ගමන් කරනවා. පසුකාලීන විචාරකයින් අත්පිටපතක් මේ තරම් දුර ගමන් නොකළා විය හැකියැයි අනුමාන කරන්නටත් ඒ නිසාම පෙළඔුණා.

ඔහුගේ අත්පිටපත, ඡායාරූප හා රූප සටහන්  විශාල සංඛ්‍යාවක් සමඟ අවසන් කරන්නේ 1942 පමණ වන විටයි. ඒ වන විට යුරෝපය දෙවන ලෝක යුද්ධයෙන් ඇළලී ගොස් තිබුන අතර, නැවත 1947 පමණ වන තුරු ‘The Face of the Buddha’ අත්පිටපත ගැන අසන්නට ලැබෙන්නේ නැහැ. 1947දී ඔහු තමාග‌ේ සමකාලින ලේ්ඛකයෙකු වු ‌‌ජෝන් ඩෙවන්ෆෝට් වෙත ප්‍රකාශකයෙක් සොයා ගැනීමට උත්සාහ කරන්නැයි ඉල්ලා සිටිමින් තම අත්පිටපත භාර දී ලන්ඩන් නුවරින් විදේශගත වෙනවා. ඩෙවන්ෆෝට් එක් දිනක උදෑසන පෙර දින අධික බීමත්කමින් ඇති වු තෙහෙට්ටුව මත අවදි වන අතර, ටික වේලාවකින් විලියම් එම්ප්සන්ගේ අත් පිටපත ඊයේ තමා බීමතින් ගෙදර  පැමිණි කුලී රථයේ අමතක වු බව සිහිපත් වෙනවා. ඩෙවන්ෆෝට් නැති වූ අත්පිටපත සොයා ගැනිමට අපමණ වෙහෙසක් දැරු නමුත් එය සොයා ගත නොහැකි වුනා. 1952දී විලියම් එෆ්සන් පෙරළා ලන්ඩන් නුවරට  පැමිණ ඩෙවන්ෆෝර්ට් මුණ ගැසෙනතෙක් මෙම ඛෙදවාචකය ඔහුට දන්වා තිබුනේ නැහැ.

ඇත්ත වශයෙන්ම සිදු වී තිබුණේ ජෝන් ඩෙවන්ෆොර්ට් සමකාලීනව Poetry London නමින් කවි සඟරාවක් පවත්වාගෙන ගිය දමිළ බසින් කවි ලියු තුරෙයිරාජා තම්බිමුත්තු වෙත ලබා දෙමින් අත්පිටපතට ප්‍රකාශකයෙක් සෙවීමේ කාර්භා‍ෙරය තම්බිමුත්තු වෙත පවරා තිබුනා. තම්බිමුත්තු 195දී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු පවත්වා ගෙන ගිය ප්‍රකාශන සමාගම වසා දමන ලදී. තම්බිමුත්තුගේ සගයින් එම කාර්යාලය සතු වටිනාකමක් ඇතැයි සැලකු ලිපි ලේඛන නොර්ත් වෙස්ටර්න් සරවියට හා බ්‍රිතාන්‍ය කෞතුගාරයට ලබා දී තිබුනා.

විලියම් එම්ප්සන් 1985දී මියගිය අතර ඒ වන විටත් ඔහු තවත් සාහිත්‍ය චිචාර ග්‍රන්ථ දහයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කොට තිබුනත් බුදුදහම අළලා කිසිම රචනයක් කළ බව වාර්තා වන්නේ නැහ.

ඔහුගේ මරණින් දශක දෙකට පසු 2003දී එතෙක් විවෘත නොකළ Poetry London කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය කෞතුගාරයට බාරදුන් ලියවිලි පිරික්සමින් සිටි එහි නිලධාරියෙකුට මෙම අත්පිට හමු වූ අතර පසුව විලියම් එම්ප්සන්ගේ පුතා සහ මිණිබිරියක් විසින් සිය පියාගේ අස්ථානගත වූ අත්පිටපත බවට හඳුනා ගන්නා  ලදී.

අත්පිටපත අස්ථාගත වි අවුරුදු 69 කට පසු ඔක්ස්පර්ඩ් සරසවිය විසින් විලියම් එම්ප්සන්ගේ අත්පිටපත ගෝලීය සංස්කෘතික හුවමාරුව පිළිබඳ විශේෂඥයෙකු වන රූපට් ඇරෝස්මිත් ‍ගේ  සංස්කරණයකින්  2016 දි ප්‍රකාශයට පත් කළා.

3 thoughts on “හැටනම වසරක් අස්ථාන ගතව තිබී දොරට වැඩි විලියම් එම්ප්සන්ගේ The Face of the Buddha

  1. කොහොමද අත්පිටපත යනුවෙන් එක පිටපතක් පමණක් තියෙන්නේ කියන කාරණය මට නම් හිතා ගන්න බැහැ. ඒ දවස් වල typewriter භාවිතය සඳහා කාබන් කොපි තිබුණේ නැද්ද.

    ඒ නැතිවුනත්මූමූලික පරීක්ෂණ සටහන් තිබිය යුතු නිසා නැවතත් ඔය කෘතිය ඔහුට සැබෑ අවශ්‍යතාවයක් තිබුනානම් ලියන්නට තිබුනා නේද?

  2. While the name of the bokk is ‘The face of the Buddha’, why the writer of the Sinhala article keeps repeating it as ‘the faces of the buddha’..
    🙁

Leave comment

Your email address will not be published. Required fields are marked with *.