Indonesian worker in Japan

පිටරට රැකියා අවස්ථා සොයන තරුණයන්ට අතීතයේ සිට ම ජපානය සිහින ලෝකයක් විය. ලංකාවේ තරුණයන් විශාල පිරිසක් දැනටත් ජපානයේ රැකියා කරති.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

ඒහෙත්, ඔවුන් අතරින් අති බහුතරයකට වීසා නැත. විවිධ ක්‍රමවලට හොරෙන් ජපානයට යන ඔවුන් එහි ගල් වී නීති විරෝධී රැකියා කරති. නීති විරෝධී ශ්‍රමයට ලැබෙන්නේ අඩු වැටුප් වුව ද, ලංකාවේ රුපියල් වටිනාකම අනුව එය විශාල ආදායමකි.

අතීතයේ සිට ම ජපානයට මෙකී සංක්‍රමණිකයන්ගේ ශ්‍රමය අවශ්‍ය විය. එයට හේතුව එරට තිබෙන ශ්‍රම හිඟයයි. එහෙයින් නීති විරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව එතරම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමක් ද සිදු නොවේ.

කෙසේ වෙතත්, වැඩි වන වැඩිහිටි ජනගහනය හේතුවෙන් ශ්‍රමය ඇතුළු අභියෝග රැසකට මුහුණ දී සිටින ජපානය මේ වන විට සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්තියක් කරා යමින් සිටියි.

දැන් පවා ශ්‍රී ලංකා රජයට ජපානයේ රැකියා දොරටු විවර වී තිබේ. ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇති ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජයට දකුණු කොරියාවේ රැකියාවලට ශ්‍රී ලාංකික තරුණියන් යන අයුරින් ම ජපානයේ රැකියාවලට යැවීමේ හැකියාව ද පවතී. ජපානය මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ රටවල් නවයකට පමණි. ශ්‍රී ලංකාව ද ඒ අතරට තේරී තිබේ. රැකියා ක්ෂේත්‍ර 14ක් මේ සඳහා අදාළ ය. ඒවා වන්නේ සෞඛ්‍ය සත්කාර, ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කළමනාකරණය, යන්ත්‍ර කොටස් හා ආවුද කර්මාන්ත, කර්මාන්ත යන්ත්‍රසූත්‍ර කර්මාන්තය, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික් සහ තොරතුරු කර්මාන්තය, වාහන නඩත්තු හා අලුත්වැඩියා, ගුවන් සේවා කර්මාන්තය, නවාතැන් කර්මාන්තය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, ජල වගා, ආහාර පාන නිෂ්පාදනය සහ ආහාර සේවා කර්මාන්තයයි.

මේ පිළිබඳ විමසීම් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාගත හැකි ය. බඳවාගැනීම් පිළිබඳ දැන්වීම් පුවත්පත්වල පළ කරනු ලැබේ.

ජපානය අතීතයේදී වෙනත් භාෂාවන් හෝ භාවිතයට යොමු නොවුණ සමාජයකි. එහෙත්, මේ වන විට ජපානයේ දැවැන්ත සංචාරක කර්මාන්තයක් තිබේ. වාර්ෂිකව මිලියන 30ක් සංචාරකයෝ ජපානයට එති. ඒ සමග ම ටෝකියෝ වැනි නගරවල බහු සංස්කෘතික ලක්ෂණ ද වැඩිවෙමින් තිබේ.

මේ වන විට ජපානයේ මිලියන 2.73ක් විදේශිකයෝ ජීවත් වෙති. රටේ ජීවත් වන විදේශික ජනගහණය කලින් වසරට සාපේක්ෂව 6.6%කින් වර්ධනය විය. එසේ සිදුවන්නේ සමස්ත ජනගහනය අඩුවෙමින් තිබියදී ය.

2018දී ජපන් රජය විසින් සම්මත කරන ලද ආගන්තුක කම්කරු නීති අනුව, දැඩි ශ්‍රම හිඟයක් ඇති ඉදිකිරීම්, ගොවිතැන් සහ හෙද වැනි රැකියා ප්‍රවර්ගවල ඉහළ මට්ටමේ කුසලතා ඇති ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා සඳහා අවස්ථාව ලැබේ. ඔවුන්ට ස්ථිර පදිංචිය සඳහා වීසා ලබාගත හැකි ය. එහෙත්, මෙම ශ්‍රමිකයන්ට තම පවුල් ජපානයට ගෙන ආ නොහැකි ය. මේ ඔස්සේ අවිවාහකයන් ජපානයට පැමිණීමටත්, ඔවුන් ජපානයේදී ආවාහ විවාහ කරගැනීමටත් පුළුල් ඉඩක් විවර වී තිබේ.

ජපානයේ ස්ථිර පදිංචිය ලැබෙන අයට වසර පහකින් පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකි ය.

තවත් ඇතැම් පුහුණු ශ්‍රමිකයන්ට පස් අවුරුදු වීසා සඳහා අයදුම් කිරීමේ හැකියාව තිබේ.

කෙසේ වෙතත්, ජපන් සමාජය වාර්ගික වශයෙන් සංරක්ෂණවාදී සමාජයකි. ඔවුන් සංක්‍රමණික විදේශිකයන් එතරම් රුස්සන්නේ නැත. ජපානයේ පරම්පරා කීපයක් ජීවත් වන සංක්‍රමණික කොරියානු ප්‍රජාවක් ජපන් ජාතිකයන්ගේ වෙනස්කම් කිරීම්වලට නිරතුරු ලක්වෙති.

ජපානයේ රැකියාවක් කිරීම සඳහා ජපන් භාෂාව නැතුවම බැරි ය. හේතුව, ජපන් ජාතිකයන්ගෙන් වැඩිදෙනෙකු ඉංග්‍රීසි හෝ වෙනත් ජාත්‍යන්තර භාෂාවන් භාවිතා නොකිරීමයි.

1970 දශකයේ සිට ම ජපානයේ ජනගහන වර්ධන වේගය ඇත්තේ ජනගහණය ප්‍රතිස්ථාපනය විය හැකි ප්‍රශස්ථ වර්ධන වේගය වන ප්‍රජනන වියේ කාන්තාවකට දරුවන් 2.1ට අඩු සාඵල්‍යතා අනුපාතිකයක ය. වර්තමානයේ එරට සාඵල්‍යතා අනුපාතිකය 1.4කි. එරට උපතේදී ආයු අපේක්ෂාව 85.5ක් වැනි ඉහළ අගයක පවතී.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.