ගාලු කුමාරි මොඩ් වෙලා; තව කට්ටියත් එහෙම වෙනවාලු

පොදු ප්‍රවාහනයේ සිදු වන සංවර්ධනාත්මක පියවර අගය කළ යුතුයි. කාර්යාල වේලාවෙන් බැහැරව බෙලිඅත්ත සිට කොළඹටත්, කොළඹ සිට බෙලිඅත්තටත් ධාවනය වන දුම්රියක් වන ගාලු කුමාරි නවීකරණය වෙලා. කලිනුත් හැබැයි ගාලු කුමාරිට දිව්වෙ තරමක් හොඳ තත්වයේ S 12 වර්ගයේ දුම්රියක්. දැන් ඒ වෙනුවට අලුත් ම අලුත් S 13 දුම්රියක් සේවයේ යොදවා තිබෙනවා.
එහි පළමු පන්තියේ ටිකට් වෙන්කරගෙන යා හැකි වායු සමනය කරන ලද මැදිරි දෙකක්, දෙවන පන්තියේ මැදිරි දෙකක් සහ තුන්වන පන්තියේ මැදිරි හතක් අඩංගුයි.
පළමු පන්තියේ කොළඹ සිට මාතරට සහ බෙලිඅත්තට රු. 1000යි; ගාල්ලට රු. 600යි; ගාල්ල සිට මාතර සහ බෙලිඅත්තට රු. 500යි.
දුම්රිය සේවය සංවර්ධනය කිරීම සඳහා රජය පහත දැක්වෙන දුම්රිය ආනයනය කිරීමට පියවර ගෙන තිබේ.
DEMU (ඩීසල් විද්‍යුත් බහුත්ව ඒකක) බලවේග කට්ටල තුනක් ඉන්දියාවෙන්
S14 බලවේග කට්ටල නවයක් චීනයෙන්
දුම්රිය එන්ජින් 12ක් ඇමරිකා එක්සත් ජනපදයෙන්
දුම්රිය එන්ජින් හතක් ඉන්දියාවෙන්
අරුවක්කාලු වෙත කසල ප්‍රවාහනය සඳහා දුම්රිය තුනක් චීනයෙන්
ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160ක්
ඉන්දුනීසියාවෙන් දුම්රිය මැදිරි 75ක්
ඉන්දියාවෙන් දුම්රිය ඉන්ධන බව්සර 30ක් සහ කන්ටේනර් වැගන් 20ක් 6
ඉන්දුනීසියාවෙන් ඩක්කු 20යි
ඉන්දීය ආධාර යටතේ මහව සිට ඕමන්තෛ දක්වා කිලෝමීටර් 130ක දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා පසුගිය ජුලි 18දා ඉන්දීය සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කරන ලදී. එක්සත් ජනපද ඩොලර් මිලියන 91.3ක් වැය වන, අවුරුදු තුනක් තුළ සම්පූර්ණ වන මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථාන 12ක්, බෝක්කු 218ක්, පාලම් 90ක් සහ දුම්රිය හරස් මාර්ග 78ක් සංවර්ධනය කිරීමට නියමිත ය.
පහත දැක්වෙන්නේ අලුත් දුම්රියේ ඡායාරූප කීපයක්

මේ ළඟදී එන්නට නියමිත S 14 දුම්රියක්

Related News
1 thought on “ගාලු කුමාරි මොඩ් වෙලා; තව කට්ටියත් එහෙම වෙනවාලු”
Leave comment Cancel reply
Cartoons
search
Recent Posts
Recent Comments
- Nadeeka Abeyrathne on මෛත්‍රී මළවුන්ගෙන් අවදි වෙයි
- Sarath warnakulasuriya on ෂර්මි කුමාර් හිරේ නම් යූටියුබ් නාලිකා සිටිය යුත්තේ කොහේ ද?
- Sarath warnakulasuriya on කැකිරාවේ විභාග මධ්‍යස්ථානාධිපති ගැලවූ පර්දාව යනු කුමක්දැයි ගම්මන්පිල කියයි
- Sarath warnakulasuriya on අලුත් ජනාධිපති යටතේ අලුත් ගමනක ආරම්භය ගැන නිරීක්ෂණ
- Sarath warnakulasuriya on මේක වැරදියි: ‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’
අලුතින් ගෙනාපු එවාත් පෙර ගෙන ආ ඉන්දියානු ලදරං වාගේ නොවුනොත් ඇති. ඉන්දියාවෙන් 2012 හා 2013 වසර වලදි ගෙන්වපු අන්තිම මල ජරාවක් තමයි M10 /M10A. වායු දුෂනේ උපරිමයෙන්ම කරන මේ දුම්රිය එන්ජින් ගල් අගුරු එන්ජින් වලට වඩා වැඩි දුමක් එවායින් පිටකරනවා. දුම් සහතියක මේවාටත් අනිවාර්්‍ය කරන්න ඔනේ