Crowded train

මේ වන විට දියත් වී තිබෙන දුම්රිය වැඩවර්ජනය දුම්රිය සේවක වෘත්තීය සමිති පැත්තෙන් ගත් කල ඉතා ම අවෘත්තික ක්‍රියාවක් බව තොරතුරු මත පදනම්ව අපි වාර්තා කරන්නෙමු.

මෙම වර්ජනයට හේතුව වී තිබෙන්නේ එක්තරා තාක්ෂණික ශ්‍රේණි වෘත්තීය සමිතියකට අයත් ක්‍රියාකාරිකයකු සම්බන්ධ පෞද්ගලික ගැටලුවකි. චන්ද්‍රසේන බණ්ඩාර නම් වන මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයා කලින් කලට පවතින ආණ්ඩු සමග ළංවෙමින්, දූෂණවලටත් සම්බන්ධ, පොදු අරගලවලත් සිටින, ඒ අතරවාරයේ පාවාදීම් ද කර තිබෙන සාමාන්‍ය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකි. දේශපාලනික වශයෙන් හෝ කිසිදු සංකේතාත්මක වැදගත්කමක් ඇති අයෙකු නොවේ.

මෙම පුද්ගලයා සති කීපයකට පෙර රාජකාරි වේලාවේදී මත්පැන් පානය කර සිට අසුවීම නිසා ඔහුගේ ප්‍ර‍කාශ ආදිය ලබාගෙන වැඩ තහනම් කර තිබේ. එම පුද්ගලයාට පරීක්ෂණයට යටත්ව ආපසු වැඩ ලබා දෙන ලෙස ප්‍ර‍වාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දීම මහා ප්‍ර‍ශ්නයක් බවට පත් කරගෙන දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍ර‍නාන්දු ඉල්ලා අස්වන බව දැනුම් දීමෙන් මෙම ප්‍ර‍ශ්නය තීව්‍ර‍ විය.

මෙම ඉල්ලා අස්වීම පරිපාලකයකු ලෙස ඩිලන්ත ප්‍ර‍නාන්දු කෙතරම් අදක්ෂයකු ද යන්න හා ආවේග හා හැඟීම් මත පදනම්ව ක්‍රියා කරන පුද්ගලයකු ද යන්න පෙන්නුම් කරයි. ප්‍ර‍වාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ඉල්ලා අස්වීමකින් තොරව මෙවැනි සුළු ගැටලුවක් විසඳාගැනීමට බැරි පුද්ගලයකු දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට ඔබින්නේ ද නැත. අනෙක් කරුණ, ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් වර්ජනය කරන්නට තරම් දුම්රිය දෙපාර්තමේන්තුව දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොර, ඉතා කාර්යක්ෂම මහජන සේවා ආයතනයක් ලෙස ඔහු විසින් පරිපාලනය කර නොමැති බව මේ රටේ කවුරුත් දනිති.

දුම්රිය සේවකයන් හා නිලධාරීන් කීදෙනෙකු රාජකාරි වේලාව තුළ මත්පැන් පානය කරනවා ද, ඔවුන් කොයි තරම් දූෂිත ද, කොයි තරම් රාජකාරි පැහැරහරිනවා ද යන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ කවුරුත් දනිති. දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය යනු අතිශය දුර්වල මට්ටමක ඇති දෙයකි. පහත දැක්වෙන්නේ දුම්රිය රියදුරකු තදබද දුම්රියක ගාඩ් පෙට්ටියකට නැගුණු මගීන් පිරිසක් අතරින් පිරිමි පුද්ගලයකු මරා දමන බවට තර්ජනය කරන ආකාරයයි.

//// මේ ඉන්නේ ඊයේ සවස හලාවත එකස්ප්‍රස් දුම්රියෙ රියදුරා. ගෑනුන්ව රියදුරු කිටියෙ රැගෙන යන මොහු තරුණයන්ට බැන වැදී ගාඩ්ගෙ කුටියෙන් බස්සපු ආකාරය මෙම වීඩියෝ හා ඡායාරූප වල ඇතුලත් වෙනවා.//// – උපුටාගැනීම. දුම්රිය එන්ජිමේ මගීන් ගෙනයාම සපුරා තහනම්. එතන පලමු වැරැද්ද. දෙවන අවස්තාව මිනිසුන් ගත්තා නම් බේධයක් නොතිබිය යුතුයි. මන්ද සිලල්ලන් මගීන් වන බැවින් (එන්ජිමට වෙනම ටිකට් එකක් නොකදන්නේ නම්). තුන්වැන්න කිසිදු අයුරකින් රාජ්‍ය නිලදාරියකු මෙලෙස නොහැසිරිය යුතුයි. මෙම පුද්ගලයා කිසි සේත් මෙම නිලයට සුදුසු නොවේ..මෙහි ගැටළු කිහිපයක් ඇතත්, අපේ ප්‍රශ්නය නම් මගියකුට කුමන ආකාරයෙන් වත් මෙසේ අසභ්‍යලෙස බැන වැඩිය හැකිද යන්නයි. දුම්රිය දෙපාර්තමේන්තුව/ප්‍රවාහන අමාත්යංශය මෙම නිලධාරියා පිලිබන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

Posted by Consumer Rights Movement of Sri Lanka on Wednesday, November 7, 2018

යම් සේවකයකුට චෝදනාවක් එල්ල වූ විට වැඩ තහනම් කිරීම හා විමර්ශනයට යටත්ව ආපසු සේවයට අවස්ථාව දීම රජයේ සේවයේ සාමාන්‍ය තත්වයකි. එසේම, වරද ඔප්පු වූ විට පවා සේවයෙන් පහකිරීම සිදුවන්නේ අවසන් දඬුවම ලෙසයි. ඒ වෙනුවට ඇතැම් විට වැටුප් වර්ධක අවකරණය, ස්ථාන මාරු වැනි වෙනත් දණ්ඩනයන් පනවා නැවත සේවයට අවස්ථාව ලැබේ.

දුම්රිය නිලධාරීන් සහ වර්ජනය කරන දුම්රිය සේවකයන් කිසිවෙකුත් මේ යථාර්ථය නොදන්නා අය නොවේ. මේ කිසිවෙකු කිසිදු වරදක් නොකරන, ඉතා හොඳින් සේවය ලබා දෙන අය ද නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තත්වය අකාර්යක්ෂමතාවයි. හරියට වැඩ කරන මිනිසුන් වනාහි සුවිශේෂ පිරිසකි.

මේ වර්ජනය වනාහි නීති විරෝධී, පීඩාකාරී, දේශපාලනික වශයෙන් යම් අරමුණු මත පදනම් වූ, එසේම, තමන්ගේ ඉල්ලීම් ඉටුකිරීම රජය ප්‍ර‍තික්ෂේප කිරීම නිසා ඇති වූ කලකිරීම මත පදනම් වූ, මුග්ධ වෘත්තීය සමිති නායකත්වයක් විසින් පොළඹවන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවකි. අපට කීමට තිබෙන්නේ එපමණකි. ප්‍ර‍වාහන ඇමතිට හා රජයට කොන්දක් තිබේ ද නැද්ද යන්න ඔවුන් පෙන්විය යුතු ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.